Life
සම මත ආලේප ගැල්වීමෙන් පමණක් සම පැහැපත් නොවේ
ප්රශ්නය -
වයස අවුරුදු 38 ක් වන මාගේ සම වියළිය ගොරෝසුය. අඳුරු
පැහැතිය. රුව රැක ගැනීම සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර ඇති බව මා අසා ඇත.
විශේෂයෙන්ම සම පැහැපත් කර ගැනීම සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද?
සී. ඒ. චන්ද්‍රකාන්ති - වැලිපැන්න
පිළිතුර
වර්තමානයේ
සම රැක ගැනීමේ වැඩ පිළිවෙල සඳහා බාහිර ආලේපයන් යොදා ගැනීම ප්රමුඛ වන
නමුත් වැඩිමනත් සමේ රෝගීන් පිරිසකට ඉන් තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵල
ලබාගැනීමට නොහැති බව පෙනේ. ඊට හේතුවී ඇත්තේ සමට අවශ්‍ය නිසි පෝෂණය අවශ්‍ය
තරමින් කුමන ක්‍රමයකින් හෝ නොලැබී යාමය.
සමද අනෙකුත් සියලුම
ඉන්ද්රියයන් මෙන් ආහාර ජීර්ණ පද්ධතිය හරහා ලැබෙන පෝෂකවලින් පෝෂණය ලබයි.
එබැවින් සමේ රෝග හටගන්නා ඕනෑම අයකුගේ ජීර්ණ පද්ධතිය නිසි අයුරින් ක්‍රියා
නොකිරීම නිසා සමෙහි පෝෂණයට අත්‍යවශ්‍ය වන පෝෂක කොටස් (විටමින් ඛනිජ ලවණ සහ
ක්ෂද්රමූල ද්‍රව්‍ය ආදිය) සැපයීමේ දුර්වලතා ඇති විය හැකිය.
එසේ
නම් සම වියළීම, ගොරෝසුවීම, අඳුරු පැහැවී රූපය අවලස්සන වීම යන කාරණා
වන්ගෙන් වළකින්නට නම් අප ගන්නා ආහාර ඉතාම හොඳින් ජීර්ණයවී එමගින් සමට
අත්‍යවශ්‍ය පෝෂක ලබාදිය හැකි අයුරින් ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක විය
යුතුයි.
සමට ප්‍රතිකාර කරන නිවැරදි ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක
ක්‍රමය එය වන බැවින් බාහිර ප්රතිකාරවලින්ම සෑහීමකට පත්නොවී සුදුසුකම්ලත්
ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගැනීම යෝග්‍ය වේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන තුරු ඔබ දිනකට ප්‍රමාණවත් අයුරින් පිරිසිදු පානීය ජලය බීමට වගබලා ගන්න.
ප්රශ්නය -
වෛද්‍යතුමනි මම අධිරුධිර පීඩනයෙන් පෙළෙන රෝගියෙක්මි අධි රුධිර පීඩනය පහළ දැමීම සඳහා ඇති ආයුර්වේද ඖෂධ මොනවාද?
කේ. කේ. ගුණවර්ධන - මිනුවන්ගොඩ.
පිළිතුර
අධි
රුධිර පීඩනය පහළ දැමීමට ඖෂධ පෙති වර්ග දීර්ඝකාලීනව බොනවා වෙනුවට මෙම
තත්ත්වය ඇතිවීමට හේතු සොයා බලා ඊට පිළියම් යෙදීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට
අනුව සිදු කරයි.
බොහෝ විට අධි රුධිර පීඩනය ඇති වන්නේ කෙලෙස්ටරෝල්
පමණට වඩා ඉහළ යාම, කලක් තිස්සේ දිය වැඩියාව හෝ වෙනත් රෝග තත්ව පැවතීම,
අධික තරබාරුව, ව්‍යායාම අඩුවීම මානසික ආතතිය පැවතීම වැනි හේතූන්ය.
යම්
පුද්ගලයකුගේ කොලෙස්ටරෝල් මට්ටම අනවශ්‍ය ලෙස ඉහළ යන්නේ එම පුද්ගලයාගේ
ආහාර ජීර්ණයේදී ආහාර මගින් සැපයෙන මේද කොටස් නිසි ලෙස ශරීරයට උරා නොගැනීම
නිසාය.
ජීර්ණ පද්ධතියේ එන්සයිමවල සමබරතාවයක් ඇති කළ හැකි නිවැරදි ආයුර්වේද ඖෂධ ලබාගැනීම එම තත්ත්වය මගහැරවීමට සුදුසු පිළියමකි.
එමගින්
අධි රුධිර පීඩනය නිට්ටාවට සුවකර ගත හැකිය. එමෙන්ම පෙරකී අනෙකුත් හේතූන්ට
නිසි ප්‍රතිකාර සහ පිළියම් යෙදීමෙන් රෝග නිදානය ඉවත් වන බැවින් අධි රුධිර
පීඩනය මෙන්ම ඇතිවන සංකූලතාද මුළුමනින්ම සුවපත් කරගත හැකිය.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක 0713009088 හෝ 0713007000 අමතන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks